රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එම ප්‍රතිපත්ති වෙනස් කිරීමට ඉඩ නොතබා එක් නීති රාමුවක් යටතට ගෙනඑන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව ද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් එම වැඩපිළිවෙල ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/09/RANIL-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content