ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීමට සදහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට 11 දින පැමිණි ඒ මහතා ආගමික වතාවත් වලින් පසු මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.

මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.

ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80
දෙනෙක් මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළත්
මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය
එක එක කතා කියනවා. යම් ඇමතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම
එහෙම වීසා අරගෙන නෑ. මට එහෙම අවශ්‍යතාවයක් නෑ . කාටවත් එහෙම රටින් පනින්න
අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා අනිවාර්යෙන්ම ජයගන්නවා. ඒ ගැන සැකයක් නෑ. අපි ආණ්ඩුවේ ඇමතිවරු නම්
ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ රට දැන් යම් තරමින්
හෝ ගොඩනැගිලා තිබෙනවා. රට සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වත්මන්
ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. මේක අත්හදා බැලීම් කරන්න කාලයක්
නෙවෙයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි.

WhatsApp Group

Skip to content