බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 157 දෙනෙකු සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් රු.4,070,000.00 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීම මතුගම සී.ඩබ්. ඩබ්. කන්නන්ගර ශ්‍රවණාගාරයේදී 2023.09.17 දින සිදුකරනු ලැබුවා.

මෙහිදී පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 37 දෙනෙකු සඳහා එක් අයෙකුට රු.20,000.00 බැගින් රු.740,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 87 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.25,000.00 බැගින් රු.2,175,000.00 ක් හා අ.පො.ස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 33 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට රු.35,000.00 බැගින් රු.1,155,000.00 ක මුදලක් පිරිනමා තිබෙනවා.

2021 වර්ෂයට අදාළව මෙම ශිෂ්‍යත්ව පිරිනැමූ අතර, විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් 915 දෙනෙකු වෙනුවෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් 2023 වර්ෂයේ ගතවූ කාලය තුළදී රු.28,790,000.00 (රුපියල් දෙකෝටි අසූ හත් ලක්ෂ අනූ දහසක්) වටිනා ශිෂ්‍යත්ව පිරිනමා තිබෙනවා.

2023 වර්ෂය තුළදී 2021 වර්ෂයට අදාළව සිසුන් 2065 දෙනෙකු ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන් වෙනුවෙන් රු.53,945,000.00 (රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂ හතලිස් පන්දහසක්) ක මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට කටයුතු සංවිධානය කර තිබුනා.

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමේ අවස්ථාවට නියෝජ්‍ය සමාන්‍යාධිකාරි (සමාජ සංවර්ධන) ජේ.ඒ.ඩී.පී.මංජුල, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ කළමනාකරු එම්.ඒ.එම්. මලික් යන මහත්වරුන් ඇතුළු කාර්යාංශයේ නිළධාරින් පිරිසක් එක්ව සිටියා.

WhatsApp Group

Skip to content