රටවල් 6 ක හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු අදියර ලබන නොවැම්බර් 17 වන දා සිට දෙසැම්බර් 8 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇති.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුමාර් සංගක්කාරට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායම සචින් තෙන්දුල්කාර් විසින් මෙහෙයවනු ලබනවා.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණඩායමේ නායකත්වය හිමිව ඇත්තේ බ්‍රයන් ලාරාටයි.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායම ෂේන් වොට්සන් විසින් මෙහෙයවනු ලබන අතර එංගලන්තය කණ්ඩායමට ඔයින් මෝගන් නායකත්වය ලබාදෙනවා.

මේ අතර මාස්ටර් ලීග් තරගාවලියට එක්වන දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ජැක් කාලිස් විසිනුයි.

WhatsApp Group

Skip to content