මෙම වසර තුළ ශ්‍රමිකයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවට රටවල් 41කින් රැකියා බලපත්‍ර ලක්ෂ 12කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

මෙම රැකියා අවස්ථා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව සම්පුර්ණ කළ පුද්ගලයින් යොමු කෙරෙන බවද ඔහු සඳහන් කළා.

විදෙස් රැකියා සදහා ලංකික ශ්‍රමිකයින් යොමු කිරීමේදී නිපුණතාව සහ භාෂා කුසලතාව වර්ධනය කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content