පොසොන් උත්සවය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මෙවර වැඩිම දන්සල් ප්‍රමාණයක් සංවිධාන කර ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි.

https://www.vnews.lk/storage/2023/06/UPUL-ROHANA-EDIT.mp3?_=1

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් දන්සැල් 62ක් ලියාපදිංචි වී තිබෙනවා.

කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසුවේ කණ්ඩායම් 18ක් දන්සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සදහා එක්වන බවයි.

https://www.vnews.lk/storage/2023/06/RUWAN-WIJEMUNI-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content