එන්නත් විෂ වීම හේතුවෙන් රෝගීන් ජීවිතක්ෂයට පත්වීම සහ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඉන්දිය ණය ආධාර යටතේ රටට බාල ඖෂධ ලැබී ඇත්දැයි සැක මතුවන බවයි.

මේ සම්බන්ධයෙන් සියලු සෞඛ්‍ය වෘත්තිය සමිති එක්ව ඉන්දියානු රජයට සන්දේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/RUKSHAN-BELLANA-EDIT.mp3?_=1

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ බාල ඖෂධ මෙරරට ගෙන්වීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවයි.

එමෙන්ම පවතින තත්වය හමුවේ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවත් නොඑසේ නම් විශ්වාස භංගයක් මගින් අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

https://www.vnews.lk/storage/2023/07/AJITH-MANNAPPERUMA-EDIT.mp3?_=2

කෙසේ වෙතත් පසුගිය ජුනි මස 22 වනදා පාර්ලිමේන්තු රැස්වීමේදී ඖෂධ හිඟය පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ පවතින තත්වය හමුවේ තමන් තව දුරටත් ධුරයේ රැඳී සිටිමට සුදානම් නැති බවයි.

https://www.vnews.lk/storage/2023/07/KEHELIYA-EDIT.mp3?_=3

 

WhatsApp Group

Skip to content