රජය සතු ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට බදුදී තිබෙන වතුවල තිබෙන ඌන භාවිත ඉඩම්වල ඛනිජ ගවේෂණය සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි සඳහන්.

ඒ අනුව එම වතුවල තිබෙන අක්කර තුන්සියයකට වැඩි ඉඩම් කොටස් හඳුනාගෙන ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා එම ඉඩම්වල අලුතින් තේ වගා කිරීම හෝ ඛනිජ නිස්සාරණය ඇතුළු විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවස්ථාව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙම ආයෝජකයන්ට ඌන භාවිත ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content