තවදුරටත් රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා .
එම පියවර ගෙන ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහායි .

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති .
එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අදාළ ගැසට් නිවේදනයෙන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ .

WhatsApp Group

Skip to content