අස්වැසුම ප්‍රතිලාභීන්ට සිය ගිණුම් වෙත බැර කෙරෙන මුදල්වලින් ස්ව කැමැත්ත මත රජයේ සුබ සාධන වැඩසටහන් සඳහා දායක වීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ අනුව අදාළ මාසික වාරික මුදලින් යම් මුදලක් ගිණුම් හිමියාගේ කැමැත්ත මත රජයේ සුබ සාධන වැඩසටහන්වලට අදාළ ගිණුම් වෙත බැර කිරීමට බාධාවක් නොමැති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සියලු බැංකු වෙත දැනුම් දී ඇති බව සඳහන්.
මීට පෙර අස්වැසුම ප්‍රතිලාභ මුදලින් වෙනත් කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙසයි බැංකු වෙත දන්වා තිබූනේ.

ඒ අනුව රජය මගින් ක්‍රියාත්මක, අස්වැසුම වැඩසටහනේ අරමුණුවලට පටහැනි නොවන සුබ සාධන වැඩසටහන් සඳහා දායක මුදල් ලබා දීමට අස්වැසුම ප්‍රතිලාභය යොදා ගත හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ වන විට පවුල් 1,854,678 සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content