තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතරකිරීම පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ඊයේ පස්වරුවේ පැවති සාකච්චාවෙන් ප්‍රමාණවත් විසඳුමක් නොලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා .

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ රජය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

මෙම සාකච්ඡාව පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්කිරීමටත් අනතුරුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අද දිනය තුළ දේශපාලනික පිළිතුරක් ලබාදෙනු ඇති බවටත් අදාළ සාකච්ඡාවට එක්වූ නිලධාරීන් විසින් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවට පොරොන්දු වී තිබෙනවා.

ඒ සදහා සහභාගී වුනේ ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්.

සාකච්ඡාවෙන් අනතුරුව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/HARITHA-EDIT.mp3?_=1

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පළාත් 4ක ක්‍රියාත්මක කළ වර්ජනය අද තවත් පළාත් 5කට ව්‍යාප්ත කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව අදාළ වැඩවර්ජනය සබරගමුව, වයඹ, ඌව, උතුරමැද සහ උතුර පළාත් හි පිහිටි රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

මේ අතර රජයේ නව බදු ප්‍රතිපත්තිය ඉවත්කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දිනයේ පවත්වන ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව ඊයේ සිට තවත් වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වුණා.

ඒ අනුවයි වරාය වෘත්තීය සමිති පැය 48ක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකයකට අවතීර්ණ වුණේ .

එමෙන්ම සමස්ත ලංකා ප්‍රවාහන සේවා සංගමය ද හෙට පැවැත්වෙන වර්ජනය සදහා ලංගම වෘත්තීය සමිති ලෙස තම සහය ලබා දෙන බව කියා සිටියා.

එමෙන්ම රාජ්‍ය මුද්‍රණ, සමගි සේවක සංගමය සදහන් කලේ හෙට පැවැත්වෙන වර්ජනය සදහා මුද්‍රණාලයේ සේවයකින්ද සහය ලබා දෙන බවයි.

මේ අතර හෙට දිනයේ දී වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීරණ වීමට තම පිරිස් කටයුතු නොකරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා .

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

https://www.vnews.lk/storage/2023/03/MURUTHTHETTUWE-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content