අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට රජය ගත් තීරණය බරපතල කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

මෙම කාරණය කොපමණ කාලයකට වලංගු වන්නේ දැයි රජය විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී.

https://www.vnews.lk/storage/2023/02/HARITHA-ALUTHGE-EDIY.mp3?_=1

මේ අතර අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය හැකි ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා ප්‍රමාද කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

WhatsApp Group

Skip to content