අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබෙනවා .
ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් .
ඊට සමගාමීව අද දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසනවා .
රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ වන විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙතෙක් කටයුතු කර නොමැති බවයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පෙන්වාදෙන්නේ.
මේ වන විටත් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් මේ වනවිට ඉවත් වී ඇති අතර දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බව එම සංගමය පවසනවා .

WhatsApp Group

Skip to content