රජයේ රෝහල් තුළ ඖෂධ එන්නත් කිරීම්, රුධිර පරීක්ෂාවන් ඇතු`ඵ සත්කාර සේවාවන් රැසකට අවශ්‍ය සිලින්ජර් වර්ග හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

මිලිලීටර 10 සහ මිලිලීටර 20 ට අදාළ සිලින්ජර් වර්ග කිසිවක් වෛද්‍ය සැපයුම් අංශ තුළ නොමැති බවටයි ඔහු අනාවරණය කර සිටියේ.

ඇණවුම් කළ සිලින්ජර තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශ විසින් එම තොග අත්හිටුවීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඇතැම් සිලින්ජර් තුළ ජලවාෂ්ප ඇතු`ඵ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබදව පැමිණිලි ලැබීම හේතුවෙන් එලෙස තත්තවයෙන් බාල සිලින්ජර් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content