රජයේ බදු ආදායම් රැස්කිරීම වර්ධනය කිරීම හා විධිමත් කිරීමට අදාළ ක්රියාමාර්ග රජයේ ආදායම් රැස්කිරීමේ දෙපාර්තමේන්තු මගින් වඩාත් ප්රගතිශීලීව ක්රියාත්මක කරමින් පවතින බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රාජ්ය ණය කළමනාකරණ පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්යවරයා මේ අදහස් පළ කළේ ය. ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පවරන ලද රාජකාරී අනුව රටේ මූල්ය කටයුතු අධීක්ෂණය කිරීමට බලතල පවරා ඇති බවත්, ඒ අනුව එම කාරක සභාව විසින් බදු අය කිරීම් තීරු බදු සහ රජයේ අනෙකුත් බදු අය කිරීම්වලට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටත් එම ප්රතිපත්තිවල වෙනස්කම් සිදුකිරීම අවශ්ය නම් ඒ සඳහා සුදුසු ක්රමවේද යෝජනා කිරීමටත් පියවර ගැනීම මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යාංශයේ රාජකාරීවලට මහත් රුකුලක් වී ඇති බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය.
මෙහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්යවරයා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විටත් නව නිර්දේශ භාවිත කරමින් ස්වයංක්රීයව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ ලිපිගොනු සැකසීමට අවශ්ය පහසුකම් සපයන බවත්, දැනට අය කර ගැනීමට පවතින හිඟ බදු අයකරගැනීමට අදාළ ක්රියාමාර්ග ගැනීමේදී පවතින නීතිමය රාමුව තුළ හා අනෙකුත් අධිකරණ ක්රියාමාර්ගවලට අනුගතව කටයුතු කිරීම සිදුකරන බවත් කෙසේ වෙතත් පවතින නීතිමය බාධාවන් ඉවත් කරගනිමික් වර්තමානයට ගැළපෙන පරිදි අවශ්ය නීති තවදුරටත් වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බවත් පෙන්වා දුන්නේ ය.
එසේම මේ වනවිට තොරතුරු තාක්ෂණය භාවිතයෙන් රේගු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව, බැංකු හා මූල්ය ආයතන මෙන්ම අනෙකුත් ආයතනයන්හි බදු ගෙවන්නන් හඳුනා ගැනීමටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත මාර්ගගතව තොරතුරු ලබාදීම සඳහා අවශ්ය නීතිමය ප්රතිපාදන හඳුන්වාදීමටත් කටයුතු කර ඇති බවත්, රේගු දෙපාර්තමේන්තුව විසින් බදු අය කිරීමේ කටයුතු පහසු කිරීමට හා අවදානම් කළමනාකරණය කිරීමට ද විවිධ පියවරයන් හඳුන්වා දී ඇති බවත් අමාත්යවරයා පැවසීය.

WhatsApp Group

Skip to content