රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වරාය සේවකයින් අදත් විරෝධතාවයක නිරත වුණා.

ඒ වරාය ප්‍රධාන පිවිසුම අසලදියි.

විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් රැසක්ද එම ස්ථානයට කැඳවා තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි වරාය සේවකයින් පවසන්නේ.

රජය විසින් පනවා ඇති බදු ඉවත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වන බවද විරෝධතාවට එක් වූ වරාය සේවකයින් පැවසුවා.

https://www.vnews.lk/storage/2023/01/WARAYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content