පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවත්, ඔහු සදහන් කළා.

එමෙන්ම මුදල් අමාත්‍යාංශය මේ දක්වා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදී නොමැති බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ .

මෙම කරුණු මත පදනම්ව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම සඳහා සිවිල් සංවිධාන හා එක්ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා කරන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කලා.

මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ද සදහන් කලේ මැතිවණය නොපැවැත්වීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි .

https://www.vnews.lk/storage/2023/02/CHNDIMA-WERAKKODI-EDIT-.mp3?_=1

මේ අතර මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පල වුනා .

https://www.vnews.lk/storage/2023/02/MIX-EDIT-1-11.mp3?_=2

WhatsApp Group

Skip to content