පිළිගත හැකි විසදුමක් රජය විසින් ලබාදෙන්නේ නම් සෞඛ්‍ය වර්ජනයෙන් රෝහල් අඩපණ වීම හෙට දිනයේදී නවතා ගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමිත් හේමන්ත මහතා පවසනවා.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා විසින් අදාළ ගැටලුව පිළිබදව සලකා බලා කඩිනමින් විසඳුමක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවටයි ඒ මහතා කියා සිටියේ.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස බලකරමින් සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ වෘත්තීය සමිති 72 කට අයත් ලක්ෂයකට අධික සාමාජිකයින් පිරිසක් අවස්ථා කිහිපයකදී වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.

මේ හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වීමෙන් රෝගීන් බොහෝ පීඩාවට ද පත් වුණා.

WhatsApp Group

Skip to content