ශ්‍රී ලංකා රග්බි සංගමයේ හිටපු සභාපතිවරුන් දෙදෙනෙකුගේ පාලන කාලය තුළදී සිදු වී ඇතැයි පවසන දූෂිත ක්‍රියා කිහිපයක් පිළිබදව කඩිනමින් විමර්ශනයක් ඉල්ලා එහි හිටපු සභාපතිවරයෙකු අග්‍රාමාත්‍යවරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මූල්‍ය අවභාවිතය, ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම ආදී චෝදනා රැසක් ගොනු කරමින් අදාළ ලිපිය අග්‍රාමාත්‍යවරිය වෙත මෙලෙස යොමු කර ඇති බව සදහන්.

චෝදනාලාභී මෙම එක් රග්බි හිටපු සභාපතිවරයෙකු රුපියල් මිලියන 55 ක් අවභාවිත කර ඇති බවද අදාළ චෝදනාවේ අන්තර්ගත වනවා.

හිටපු රග්බි සභාපතිවරයෙකු වන ඉල්ලීයාස් නමැති පුද්ගලයා විසින් වැඩිදුරටත් අදාළ නිවේදනයෙන් ඉල්ලා ඇත්තේ අදාළ අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

WhatsApp Group

Skip to content