ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන ඩයලොග් අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ සභාපති කුසලාන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.

ඒ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතරයි.

කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩා සංකීර්ණයේදී පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 4.15ට ආරම්භ වීමට නියමිතයි.

කොළඹ වෙස්ලි විද්‍යාලය ලකුණු 23 ට 20 ක් ලෙස පරාජය කරමින් ශාන්ත පීතර විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

ඉසිපතන විද්‍යාලය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 25 ට 20 ලෙස පරාජයට පත්කරමින්.

අන්තර් පාසල් පිළිමඵන් පිටුදැකීමේ රග්බි තරගාවලිය 1978 වසරේදී ආරම්භ වු අතර මේ දක්වා ශූරතා 13ක් දිනා ගනිමින් ඉසිපතන විද්‍යාලය වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනාගත් විද්‍යාලය බවට පත්ව තිබෙනවා.

එමෙන්ම ශාන්ත පීතර විද්‍යාලය ශූරතා 08ක් දිනාගන ඇති අතර 2023 වසරේ සභාපති කුසලානය දිනාගෙන ඇත්තේ ද ශාන්ත පීතර විද්‍යායයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය මේ දක්වා ශූරතා 06ක් දිනාගෙන ඇති අතර මහනුවර කින්ස්වුඩ් විද්‍යාලය ශූරතා 04 ක් දිනා ගෙන තිබෙනවා.

මේ අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය සභාපති කුසලානයේ ශූරතා 03 බැගින් දිනාගෙන තිබුණා.

WhatsApp Group

Skip to content