රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු මියයාම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.

මෙම සැකකරු රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 11 වන දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

කෙසේ වෙතත් එම සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ශරීරයේ සිදු වූ තුවාල හේතුවෙන් වකුගඩු අවහිර වී මෙම මරණය සිදුව ඇති බවයි.

මෙම විමර්ශනයේදී පොලිස් නිලධාරින් විසින් වරදක් සිදුකර ඇති බවට අනාවරණය වුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු කරන බවයි පොලිසිය නිවේදනය කරන්නේ.

WhatsApp Group

Skip to content