දිවයිනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හමුවේ රක්ෂිත ගිනිතැබීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.

බදුල්ල හිගුරුගමුව රක්ෂිතයේ ඊයේ හටගත් ගින්නෙන් මේ වන විට අක්කර 10කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න අද අලුයම වන විට පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ද ඊයේ රාත්‍රීයේ හටගත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content