ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ වැඩසටහන සඳහා යුරෝපා සංගමයෙන් යූරෝ මිලියන 18ක් සුබසාධක වැඩසටහන සඳහා ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාව සහ මාලදිවයින් කලාපය සම්බන්ධ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ ඊයේ පුළුල් සාකච්ඡාවක් පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

සමෘද්ධි ඇතුළු සුබසාධක දීමනා ගෙවීම සම්බන්ධයෙන් විනිවිදභාවයක් පවත්වා ගනිමින්, එවැනි සුබසාධන දීමනා ලැබිය යුතු ම පිරිස තෝරා ගැනීමේ කටයුතු තවදුරටත් කාර්යක්ෂම කරගැනීමේ අවශ්‍යතාවය ද මෙහි දී අවධාරණයට ලක් වුණු බව සඳහන්.

එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමටත්, ඒ අනුව සමාජ ආරක්ෂණ පද්ධතියේ කාලීන අවශ්‍යතා හඳුනාගනිමින් සහන ලැබිය යුතුම පාර්ශ්වයන් සඳහා සහයෝගය ලබා දීමටත් යුරෝපා සංගමය කටයුතු කරනු ලබන බව යුරෝපා සංගම් සහයෝගිතා ප්‍රධානී ජෙනී කොරියා නූන්ස් මෙහි දී සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content