ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව වංචනික විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් යුරෝපානු රටවල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් වංචාකල කාන්තාවක් ඊයේ දින (2024.10.10) අත්අඩංගුවට ගන්නා ලදී.

රාගම ප්‍රදේශයේ ඔරකල් විනර්ස් පුද්ගලික සමාගම නමින් ආයතනයක් පවත්වාගෙන යමින්, ඉතාලියේ, ජර්මනියේ හා පෝලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් රාගම ප්‍රදේශයේ කාන්තාවක් තමන්ගෙන් රු.1,250,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි 4ක් ලැබී තිබිණි. ඒ අනුව කාර්යාංශ නිළධාරින් විසින් රාගම මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර තිබූ අතරතුර රාගම පොලිසියට ලද පැමිණිලි අනුව පොලිසිය විසින් අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්යාංශය වෙත භාරදෙන ලදී.

විමර්ශන නිළධාරීන් විසින් සැකකාරිය රාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔක්තෝම්බර් මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

WhatsApp Group

Skip to content