අදට යෙදී ඇති ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරින් 139 දෙනෙකුට සහ සෙසු නිලයන් 1273 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතියට අනුවයි.

ඒ අනුව, ශ්‍රී ලංකා යුධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවන්හි ලුතිනන් නිලයේ නිලධාරීන් සහ උපකරණ පාලක අංශයේ නිලධාරීන් 131 දෙනෙකු කපිතාන් නිලයට උසස් කර තිබෙනවා.

එමෙන්ම දෙවන ලුතිනන් නිලයේ නිලධාරීන් 08 දෙනෙකු ලුතිනන් නිලයට උසස් කර ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content