එල්.ටී.ටී.ඊ. යුධ සමයේදී භාවිතා කිරීම සදහා වල දමා තිබූ පුද්ගල නාශක බිම් බෝම්බ සහ උණ්ඩ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා .
කරදියනාරු ප්‍රදේශයේ දී මෙම යුධ උපකරණ තොගය සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
මෙහිදී පුද්ගල නාශක බිම් බෝම්බ 299ක්, ඩෙටනේටර් 38 ක් සහ ජීව උණ්ඩ 19,930 ක් සොයා ගෙන තිබුණා.
විශේෂ කාර්ය බලකාය පැවසුවේ මෙම යුධ උපකරණ තොගය අඩි අටක ගැඹුරින් වල දමා තිබු බවයි .

WhatsApp Group

Skip to content