ලබාදුන් පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15667ක් නීත්‍යානුකූලව ඉවත් කොට ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පවසනවා.

මේ අතර සේවයට වාර්තා නොකොට විදෙස්ගතව සිටි හමුදා සාමාජිකයින් 373 ක් නීත්‍යානුකූලව ඉවත් කර ඇති බව සඳහන්.

එම පොදු සමා කාලය 2023 දෙසැම්බර් 31 හා ඊට පෙර සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින් සඳහා ප්‍රකාශයට පත්කොට තිබූ අතර ත්‍රිවිධ හමුදාව හැරගිය අය සඳහා ආරෂක අමාත්‍යංශය විසින් මෙම පොදු සමා කාලය ලබාදී තිබුණා.

WhatsApp Group

Skip to content