කොළඹ යුද හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලෝකයේ විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා.

පසුගිය පළමුවනදා යුද හමුදා රෝහලේදී කළ එම ශල්‍ය කර්මය ගිනස් ලෝක වාර්තා අතරටද එක් වූ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කිරමින් පවසන්නේ.

ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන ලද මෙම වකුගඩු ආශ්‍රිත ගල සෙන්ටිමීටර 13.372 ක් දිග සහ ග්‍රෑම් 801 ක් බරින් යුක්ත වනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මේ වන විට හමු වී ඇති දිගම වකුගඩු ආශ්‍රිත ගල 2004 වසරේදී ඉන්දියාවේදී සිදු කරන ලද ශල්‍ය කර්මයකදී හමු වී තිබෙනවා. එය මීටර් 13 ක දිගින් යුක්ත වනවා.

එමෙන්ම බරින් වැඩිම වකුගඩු ආශ්‍රිත ගල වර්ෂ 2008 දී පාකිස්ථානයෙන් හමු වී ඇති අතර එය ග්‍රෑම් 620 ක් ලෙස සදහන්.

WhatsApp Group

Skip to content