අද  අලුයම රඳාවඩුන්න ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් 5දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කොළඹ සිට මහනුවර දෙසට ධාවනය වු යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ යුද හමුදා නිලධාරීන් 6දෙනෙක් සිට ඇති අතර ඉන් 5දෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඉන් නිලධාරියෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තාවුණා.

පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සඳහා ගිරිතලේ කඳවුරට යමින් සිටිය දී එම අනතුර සිදුව තිබෙනවා..

බවුසර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content