යුද හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද ආහාර සලාක පැකට් විදේශ හමුදා සේවා සඳහා හඳුන්වා දීමට සූදානම් බව යුධ හමුදාව පවසනවා.

මෙම ආහාර පැකට් නිෂ්පාදන ක්‍රියාවලිය කෘෂිකාර්මික සහ අනෙකුත් විශේෂඥයින් විසින් නව තාක්ෂණය භාවිත කරමින් නිරීක්ෂණය කරනු ලබන බවයි ඔවුන් පවසන්නේ.

මීට පෙර මෙම පැකට්ටු ආනයනය කර ඇත්තේ මැලේසියාවෙන් වන නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙය නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මුදල් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් බැහැරට යාම වැළකී ඇති බව ද සඳහන් වනවා.

WhatsApp Group

Skip to content