අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ පත් කර තිබෙනවා.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී ඩී වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම හේතුවෙනුයි නව තනතුරට සංජය වනසිංහ පත් කර ඇත්තේ.

1988- 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11,වන හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ.

ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා සිය පියා යුද හමුදාපති ධූරය දරන වකවානුවේදී කැඩෙට් නිලධාරියකු වශයෙන්ද හමුදාවට එක් වී පියා අතින් ම අධිකාරියට පත් වීමට සමත් ව තිබෙනවා.

WhatsApp Group

Skip to content