යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණයෙන් පසු පළමු වරට කැනඩාවේ සංචාරයක නිරතවනවා.

එහිදී යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම යුක්‍රේන ජනාධිපතිවරයා කැනඩා පාර්ලිමේන්තුව ද ආමන්ත්‍රණය කර තිබෙනවා.

ව්ලොඩිමීර් සෙලෙන්ස්කි කැනඩා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ යුක්‍රේන යුද ජයග්‍රහණ වෙනුවෙන් සිය රට සමග රැදී සිටින ලෙසයි.

කැනඩාවෙන් මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක පමණ මූල්‍ය ආධාර සහ යුද උපකරණ යුක්‍රේනයට ලබා දී තිබෙනවා

WhatsApp Group

Skip to content