යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන කාල රාමුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව නේටෝ සංවිධානය නිවේදනය කරනවා.

තම රටට සාමාජිකත්වය ලබාදීම කල් දැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බවයි යුක්‍රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි සඳහන් කරන්නේ.

නේටෝ සංවිධානයට අයත් සියලු සාමාජිකයින්ගේ එකඟතාව හා කොන්දේසි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණෙන බව නේටෝ සංවිධානය පවසනවා.

රුසියාව සමඟ යුද ගැටුම් පවතින අතරතුර දී යුක්‍රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට හැකියාවක් නොමැති අතර යුද ගැටුම් අවසන් වූ වහාම සාමාජිකත්වය ලබාගැනීමට හැකියාව ලැබෙන බවයි එම සංවිධානය පවසන්නේ.

කෙසේ වුවද තමාට සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් නේටෝ සංවිධානය පසුගාමීව කටයුතු කරන බවයි යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කළේ.

WhatsApp Group

Skip to content