යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ නත්තල් සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විවිධ රාජකාරී කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මෙහෙයුම් සිදු කිරීම යම් ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි.

එම මෙහෙයුම නවතා දමා නොමැති බවත් ලැබෙන තොරතුරු අනුව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/12/NIHAL-THALDOOWA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content