වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.

පසුගිය දින තුනේ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් 6553 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊට කාන්තාවන් 274 දෙනෙකු ද ඇතුලත් බවටයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම සීදුව පොලිස් වසමේ ඖෂධ අලෙවිසැල් ආශ්‍රිතව කරන ලද වැටලීමකදී මත්පෙති 16,000 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඖෂධ අලෙවිසැල් පාසල් ආශ්‍රිතව පිහිටා ඇති බවටයි පොලිසිය සදහන් කළේ.

මේ ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා.

https://www.vnews.lk/storage/2023/12/NIHAL-THALDUWA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content