දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1865 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඔවුන් අතරින් සැකකරුවන් 40 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

එමෙන්ම තවත් පුද්ගලයන් 134 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර තිබෙනවා.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 613 ක්, අයිස් ග්‍රෑම් 746 ක්, ගංජා කිලෝග්‍රෑම් 16 යි ග්‍රෑම් 500 ක්, ගංජා පැල දෙලක්ෂ හැත්තෑ දෙදහස් හතලිස් එකක් සහ මත්පෙති 3142 ක් ද සොයා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content