යුක්තිය මෙහෙයුමෙන් පොලීසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය මැයි මාසය තුළ විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ ඒ සඳහා විශේෂ ස්ථානයක් පුත්තලම දිස්ත්‍රික්කය ආශ්‍රිතව මේ වනවිටත් නිර්මාණය කර ඇති බවයි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මේ බව සඳහන් කළා.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ අපරාධකරුවන් හා සම්බන්ධතා ඇති පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කළේ.

WhatsApp Group

Skip to content