යුක්තිය මෙහෙයුම තුළින් ගෙවුණු පැය 24 තුල සැකකරුවන් 1 534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් පුද්ගලයින් 23 දෙනෙකුගේ දේපොළ සහ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට නියමිතයි.

පුනරුත්ථාපනය සඳහා තවත් පුද්ගලයින් 99 දෙනෙකු යොමු කිරීමටද පියවර ගෙන ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ක්‍රියාත්මක කරන යුක්තිය මෙහෙයුම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ සිට දින 03ක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ක්‍රියාත්මක කර ඇති මෙම මෙහෙයුම පිලිබදව තමන් සෑහීමකට පත්වන බවයි.

WhatsApp Group

Skip to content