රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ  පැය 24 ක් තුළදී සිදු කරන ලද වැටලීම්වලින් සැකකරුවන් 952 කු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 42 කු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් සිව් දෙනෙකු පිළිබදව නීතිවිරෝධි වත්කම් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බව ද සදහන්.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 28 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 68 දෙනෙකුද මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content