දිවයින පුරා පසුගිය පැය 24 ක කාලය තුළ සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් පුද්ගලයන් 868 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 536 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් බවත් 232 කු අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් බවත් පොලිසිය සදහන් කළා.

මෙහිදි හෙරොයින් ග්‍රෑම් 120 ක්, අයිස් ග්‍රෑම් 98 ක්, ගංජා කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 600 ක්, ගංජා පැල 9708 ක්, මාවා ග්‍රෑම් 249 ක්, මදන මෝදක ග්‍රෑම් 137 ක් සහ මත්පෙති 31,611 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content