යාල වනෝද්‍යානය නැරඹීමට ගිය විදෙස් සංචාරකයෙකු අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ යාල වනෝද්‍යානය නැරඹීමට ගිය මැලේසියානු ජාතිකයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

ඊයේ පස්වරුවේ සිටයි ඔහු අතුරුදන්ව ඇත්තේ.

කැබ් රථයකින් සිය රියදුරා සමග මොහු යාල වනෝද්‍යානයට පිටත්ව ගොස් තිබුණා.

පසුව මැණික් ගග ආසන්නයේදී මැලෙසියානු ජාතිකයා කැබ් රියෙන් බැස ඉදිරියට ගමන්කර තිබෙනවා.
ඉන් පසු ඔහු නැවත පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

කිරින්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ යාල පලටුපාන වනජීවි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායම් අතුරුදන් වු විදෙස් සංචාරකයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content