යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලද තවත් සිසුවියක් ඊයේ(17) සිය නිවසේදි සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය,කෝනාවිල් ප්‍රදේශයේ පදිංචි වසන්තකුමාර් ඩිලක්සියා නමැති 22 හැවිරිදි තරුණියක් එලෙස සියදිවි නසාගෙන ඇති බවයි.

අදාළ තරුණිය සිය නිවසේ ගෙළ වැළලාගෙන සිටි අවස්ථාවේ සහෝදරයා විසින් දැක ඇති අතර, අනතුරුව තරුණිය කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබුණා.

තරුණිය රෝහල්ගතවන අවස්ථාවේ මියගොස් ඇති බව අනාවරණය වි ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

පසුගිය සමයේ විශ්ව විද්‍යාල සිසුන් හා සිසුවියන් රැසක් සියදිවි නසාගැනීමේ සිදුවීම් උතුරු පළාතෙන් වාර්තා වුණා.

WhatsApp Group

Skip to content