මඩකලපුව චිත්තාණ්ඩියිල් ප්ර දේශයේදී ගවඝාතනය සහ අනවසර ඉඩම් අත්පත්කර ගැනීමකට එරෙහිව විරෝධය පෑ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු අද (05) දින මඩකලපුව සන්ධිවේලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මඩකලපුව චිත්තාණ්ඩි කෝවිල ඉදිරිපිටදී එම් ප්ර දේශයේ ගොවීන් පිරිසක් විසින් ගව ඝාතනයට එරෙහිව සහ අනවසර ඉඩම් විවිධ පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීමට එරෙහිව උපවාසයක් ආරම්භ කොට තිබුණි.

අදාල උපවාසයට සහය ලබාදීම සඳහා යාපනය සහ මඩකලපුව සරසවිවල සිසුන් පිරිසක් විසින් අද දින උපවාසය පැවති ස්ථානයේදී විරෝධතාවක් පැවත්වූ අතර විරෝධතාවය අවසානයේදී සන්ධීවේලී පොලීසිය විසින් පොදු ප්රවවාහනයට බාධා කිරීම යන චෝදනාවන් මත අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සිසුන් පිරිස එරාවුර් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සිසුන් පිරිස බැලීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්රිකුමාර පොන්නම්බලම් මහතාද ගොස් තිබුණු අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සන්ධිවේලී පොලීසිය විසින් සිදුකරයි.

WhatsApp Group

Skip to content