යාපනය,මන්දිකෙයි ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් ඊයේ(14) හදිසියේ ගිනිගෙන ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ හදිසියේම විදුලි ට්‍රාන්ෆෝමරයට සම්බන්ධ කොටස් කිහිපයක් ගිනිගත් අතර, ඒ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් දැනුවත් කළ බවයි.

යාපනය විදුලිබල මණ්ඩල සේවකයින් පැමිණ ගින්න නිවා දමා සිදුවෙන්නට ගිය විනාශය වළක්වා ගත් බවත් ප්‍රදේශවාසීන් පැවසුවා.

විදුලිබල මණ්ඩල සේවකයින් පවසන්නේ විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවයි.

WhatsApp Group

Skip to content