යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි ගෘප්‘ නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයකදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

‘‘ආවා ‘‘ කල්ලියේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකල ජෝයි නැමති අයකු විසින් ඩුබායි සිට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව තිබි කඩු හතරක් සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාෂයෙන් නිශ්පාදනය කළ කෙටේරියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content