යාපනය,වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කැපුම් තුවාල සිදුකොට පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ සැකකරුවන් සතුව තිබි ඝාතනය වෙනුවෙන් පැමිණිමට භාවිතා කළ යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය බිරිඳ සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් කැපුම් තුවාල සිදුකොට ඝාතනයට ලක්කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 37,32,25 ,22 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content