යාපනය අල්ලෙයිපිඩ්ඩි රන්දම් ප්‍රදේශයේ තිබී මිනිස් ඇට සැකිළි කොටස් කීපයක් හමු වී තිබෙනවා.

ඉඩමක ගෙපලක් කැපීමට සූදානම් වූ පුද්ගලයෙකුට මෙම මිනිස් ඇටසැකිල්ලක කොටස් හමු වීමෙන් පසුව ඔහු ඒ බව යාපනය පොලීසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලීසිය එම ස්ථානය සුරක්ෂිත කොට මහජනයාට ඇතුළුවීමට තහනම් ප්‍රදේශයක් බවට පත් කොට අධිකරණයට තොරතුරු ඉදිරිපත් කොට ඇති බව සඳහන්.

ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට ඉදිරි පියවර ගන්නා ලෙස අධිකරණයෙන් පොලීසියට නියෝගයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව යාපනය පොලිසිය එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

WhatsApp Group

Skip to content