නව කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ආරම්භ කර ඇති ඇඹුල් කෙසෙල් වගා ව්‍යාපෘතිය සහ ටී.ඊ.ජේ.සී. අඹ ව්‍යාපෘතිය මේ වනවිට ඉතාමත් සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

අපනයනය ඉලක්ක කරගත් එම ව්‍යාපෘතිය යටතේ ඇඹුල් කෙසෙල් අක්කර 200 ක සහ අඹ අක්කර 500 ක වගා කර ඇති අතර, ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානය නිලවරෙයි ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙනවා.

සෑම සතියකටම වරක් ඇඹුල් කෙසෙල් කිලෝ 10,000 ක් ඩුබායි වෙළඳපොලට යැවෙන අතර, ඉදිරියේදී ඇඹුල් කෙසෙල් වගාව තවත් අක්කර 400 ක් දක්වා ව්‍යාප්ත කිරීමටද සූදානම් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content