යළිත් වරක් ආපන ශාලාවල කෙටි කෑම ඇතුලු අනෙකුත් කෑමවල මිල ගණන ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂන රුක්ෂාන් මහතා සඳහන් කළේ බිත්තර, මස්, මාලු, සීනි සහ කීරී සම්බා සහල්වල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් කොපමණ මිලකින් ආහාරවල මිල ගණන් ඉහල දමන්නේද යන්න පිළිබදව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 

WhatsApp Group

Skip to content