ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යළිත් අවසර ලබා දී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කලේ මාස 06ත් අවුරුදු 03ත් අතර වයස්වල දරුවන් වෙනුවෙන් යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසර දෙන බවයි.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසද හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කලා.

ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණය ඉක්මවා ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමටයි කටයුතු කර තිබුනේ.

ඒ එම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබීම හේතුවෙන් එම තීරණය ගෙන තිබුනා.

කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.

WhatsApp Group

Skip to content